April 20, 2024

ජනතාව අපව විශ්වාස කළා අපේ ගමන අද සිටම අරඹනවා - සජිත් පේ‍්‍රමදාස

සමගි ජනබලවේගය මහ මැතිවරණයේදී ලැබූ ජයග‍්‍රහණය අනුව ජනතාව ඔප්පු කර පෙන්වූයේ වඩා වැදගත් වන්නේ ගොඩනැඟිලි සම්පත නොව මිනිස් සම්පත යැයි සමගි ජනබලවේගය පක්‍ෂයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

ඒ මහතා මේ බැව් පැවසුවේ ඉකුත් 08 වැනිදා ඇතුල්කෝට්ටේ පිහිටි සිය පක්‍ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.

නොයෙක් දුෂ්කරතා මැද සමගි ජන බලවේගය ශක්ති සම්පන්නව ඉදිරියට පැමිණි ගමනේදී මේ ලැබූ ජයග‍්‍රහණය පිළිබඳව සතුටු වෙනවා. කෙසේ වෙතත් තම ඒකායන අරමුණ මේ ආණ්ඩුව පරාජය කොට ආණ්ඩු බලය ලබා ගැනීමයි. ඒ වෙනුවෙන් සියලූ පාර්ශව බලමුළු ගන්වනවා.

අපව විශ්වාස කොට අපට ඡුන්දය භාවිතා කළ සියලූම ජනතාවට අපේ ප‍්‍රණාමය පුද කරනවා. ඔවුන් ලබා දුන් ශක්තිය අපට විශාල පන්නරයක්. මේ මැතිවරණය සාධාරණව පැවැත්වීම උදෙසා වෙහෙසුණු මැතිවරණ කොමිෂන් සභාවට ආරක්‍ෂක අංශවලට, සෞඛ්‍ය අංශවලට, සියලූ නිලධාරීන්ට, මාධ්‍යයට ස්තුතිය පිරිනමනවා. බලපෑම් මත වුණත් කිසියම් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ ඉඩකඩ ලැබුණේ ඔවුන්ගේ කැපවීම නිසයි. සමගි ජන බලවේගය බිහිවන්නේ ඊට මාස පහකට පමණ පෙර. එක පැත්තකින් කොරෝනා ව්‍යසනය, අනෙක් පැත්තෙන් විවිධ කකුල් මාට්ටු සහ බාධක ඇතුළු විශාල ප‍්‍රශ්න රාශියක් මැද අපි මේ ගමන ආවා. අපි බොහොම අමාරු ගමනක් ආවේ. හැබැයි ජනතාව ඔප්පු කළා වැදගත් වන්නේ ගොඩනැගිලි සම්පත නොවේ මිනිස් සම්පතයි කියන දේ. අපිට වට කරලා අපිට ගල් ගහද්දී මට ගහද්දී, ඊරිසියා කරද්දී මේ රටේ ජනතාව අප කෙරෙහි විශ්වාසය තැබුවා.

1952 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවා බලය ගන්න වසර හතරක කාලයක් ගියා.

ඊට පස්සේ පොදුජන පෙරමුණේ බලය ගන්න වසර හතරක් පමණ ගියා. නමුත් අපි සමගි ජනබලවේගය විදිහට මාස හතරකදී මේ ප‍්‍රතිඵල පෙන්නුවා.

අපිට අපිව බිහිකරන්න මුල් වූ පක්‍ෂයේ සහය ලැබුණේ නෑ. පක්‍ෂ කාර්යාලයවත් හරියට තිබුණේ නෑ. මහා පරිමාණ මාධ්‍ය සහයක් නෑ, වියදම් කරන්න විශාල මුදලක් තිබුණේ නෑ.

මේ කෙටි කාලය තුළ අපේ ශාඛා සමිති පිහිටුවන්න කාලයක් තිබුණේ නෑ, පක්‍ෂ යාන්ත‍්‍රණය ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල ක‍්‍රියාත්මක කරන්න කාලයක් තිබුණේ නෑ.

මැතිවරණ සටන පටන් ගත්ත දවසේ ඉඳලා විවිධාකාර නඩු අපට දැම්මා. එක වෙලාවක කීවා අපි ලියාපදිංචි නෑ කියලා තව වෙලාවක කීවා අපේ නාමයෝජනා අහෝසි කියලා.

මේ සියල්ල මැද ජනතාව අපිට ඡුන්දය දුන්නා. අපේ ගමන අනුමත කළා.

අපි හෙට නොවේ අද සිටම අපේ වගකීම ඉටු කරනවා. ජනතාව වෙනුවෙන් අපි අපේ ගමන ආරම්භ කරනවා.

අපට ඡුන්දය දුන් නොදුන් සියලූ දෙනාටම අපේ බලවේගය තුළ සෙවන තියෙනවා. දැන් මේ රටේ තිබෙන එකම විකල්ප බලවේගය සමගි ජනබලවේගයයි.

Rate this item
(1 Vote)