April 18, 2024

රනිල් දෙසැම්බර් 12 දක්වා නායකත්වයේ ඉන්න ලකුණු !

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ දුරට මේ වර්ෂයේ දෙසැම්බර් මස 12 වන දින දක්වාම එම පක්ෂයේ නායකත්වයේ සිටීම ඉඩකඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ එදිනට වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයට පත් වී වසර 26ක් පිරෙන නිසාය. වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයට පත් වුයේ 1994.12.12 වනදාය. 

විටෙක පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවත් තවත් විටෙක පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් නොවන බවත් සිය කිට්ටුවන්තයින් හරහා ප්‍රකාශ කරවමින් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය රැක ගැනීමේ සිය සුපුරුදු උපක්‍රමවල නියැලී සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇතැම් විට පක්ෂ නායකත්වයෙන් ඉවත් වී එහි බලතල සභාපති ධුරයට කෘත්‍යාධිකාරී මණ්ඩලය හරහා පවරාගෙන වික්‍රමසිංහ මහතා සභාපති ධුරයේ කටයුතු කිරීමට ඉඩ තිබෙන බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 August 2020 09:02