April 25, 2024

රාජ සභාව අස්ථානගත කළ නගරාධිපති ඇතුළු පිරිසක් අස්ථානගත වෙයි

දෙවන බුවනෙකබා රජුගේ රාජ සභාව බිමට සමතලා කොට ඒ පිළිබඳව උදම් ඇනු කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු ඊට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහ අධිකරණය විසින් දෙවෙනි වතාවටත් වරෙන්තු නිකුත් කර තිබේ.

නීතිපතිවරයා විසින් මෙම පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට දුන් උපදෙස් මත පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මිට පෙරද කුරුණෑගල අධිකරණයේ වරෙන්තුවක් ලබා ගෙන තිබිණි.

එහෙත් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය නොහැකි වීම මත දෙවන වරටත් වරෙන්තු නිකුත් කිරීමට කුරුණෑගල අධිකරණය පියවර ගෙන තිබේ.

නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් සිටී යැයි සැකකෙරෙන සෑම තැනකම සොයා බැලුව ද ඔවුන් ඒ ස්ථාන වල නොසිටි බව පොලිසිය සඳහන් කරයි.

කුරුණෑගල නගරාධිපතිගේ මයිලකටවත් අත තියන්න තමන් ඉඩ දෙන්නේ නැති බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා කළ ප්‍රකාශය සමාජයේ දැඩි විරෝධයට හේතු විය.

පුරා විද්‍යා ආඥා පනතට අනුව පුරා වස්තු විනාශ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමට ඇප ලබා නොදෙන අතර නඩු කටයුතු අවසන් වන තුරුම ඔවුන්ව රක්ෂිත බන්ධනගාරගත කරනු ලැබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 10 August 2020 21:30