March 29, 2024

අරලගංවිල කැබ් රථයක් සිසුන් 11 දෙනෙකු අනතුරට ලක්‌ කළ අයුරු : සිසුවියක් ජිවිතක්ෂයට (VIDEO)

අරලගංවිල, බෝගස් හන්දිය ප්‍රදේශයේදී කැබ් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි සිසුන් 11 දෙනෙකු ගැටීමෙන් අනතුරට ලක් කොට ඇත.

සිද්ධියෙන් එක් සිසුවියක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇත.

මෙම සිසුන් පිරිස ප්‍රදේශයේ පැවති උපකාරක පංතියකට සහභාගි වී යලි නිවෙස් බලා එමින් සිටියදී මෙම අනතුරට ලක්වී තිබෙන බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

Rate this item
(0 votes)