March 29, 2024

සජිත් සුළු පක්ෂ සමඟ හොරෙන් ගිවිසුම් ගහලා - ජාතික ලැයිස්තුව අර්බුධයක Featured

සමඟි ජන බලවේගයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7 සඳහා අපේක්ෂකයින් නම් කිරීම ප්‍රමාද වී තිබෙන්නේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂය සමඟ සිටින සුළු ජාතික පක්ෂ සමඟ හොර රහසේම ගිවිසුම් වලට එළඹ තිබෙන නිසා බව හෙළිදරව් වී තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා සමඟි ජන බලවේගයේ අන් නායකයින්ට හොරෙන් රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් හා මනෝ ගනේෂන් යන මහත්වරුන් නායකත්වය දෙන පක්ෂ සමඟ ගිවිසුම් අත්සන් කර තිබේ.

ඒ අනුව ඔවුන් ජාතික ලැයිස්තුවෙන් තම පක්ෂ වලට මන්ත්‍රී ධූර ඉල්ලීම නිසා සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත් කිරීම සම්බන්ධයෙන් අර්බුධයක් හට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සාකච්ජා වට කිහිපයක් පවත්වා ඇති බවද වාර්තා වෙයි.

Rate this item
(2 votes)
Last modified on Sunday, 09 August 2020 21:59