March 29, 2024

ජාතික ලැයිස්තුවෙන් ඥානසාර හිමියෝ පාර්ලිමේන්තුවට

මෙවර මහ මැතිවරණයෙන් සිය පක්ෂයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගෙන ඇති බව අපේ ජනබල පක්ෂය නිවේදනය කළේය.

එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා මේ බව අද (09) පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය ඡන්ද 67,758 ක් ලබාගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හිමිකම් ලබා ගත්තේය.

Rate this item
(0 votes)