April 25, 2024

පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට හිමිවන වරප්‍රසාද මෙන්න

අගෝස්තු 5 වනදා පැවති මහ මැතිවරණයෙන් 9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 196 දෙනෙක් තේරී පත් විය.

මෙහිදී මැති ඇමති වරුන්ට සහ මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද රැසක් හිමි වේ.

ඒ අනුව, මන්ත්‍රී වරයෙකුගේ වැටුප රු.54285/= , නියෝජ්‍ය ඇමති රු.63500/=, රාජ්‍ය ඇමති හා කැබිනට් ඇමති රු.65000, කතානායක වැටුප රු.68500/= සහ අග්‍රාමාත්‍යවරයාට රු.71500/= ලෙස වැටුප් හිමි වන ඇත.

ඊට අමතරව කාර්‍යාල දීමනාව රු.100000/=, ප්‍රවාහන දීමනාව රු.10000/=, පෞද්ගලික දුරකථන දීමනාව රු.50000/=, කාර්යාලීය ස්ථාවර හා ජංගම දුරකතන දීමනාව රු.50000/= , නිදහස් තැපැල් දීමනාව රු.350000 =, රියදුරු හා සංග්‍රහ දීමනා රු.4500/ ඇතුළුව පාර්ලිමේන්තු රැස්වීමට සහාභාගී වීම වෙනුවෙන් දිනකට රු.2500/= ක් ඔවුන්ට හිමි වේ.

එමෙන්ම රැස්වීම් නොපැවැත්වෙන දින වලට කාරක සභා රැස්වීම් වලට සහභාගී වීමේ දිනක දීමනාව රු.2500/= ද එකතු වේ.

මේ අතර අධි සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම සදහා තීරු බදු රහිත බලපත්‍ර හිමි වේ.

ඔවුන් ලක්ෂ 30 -40 කට මිලදී ගන්නා වහනය ලක්ෂ 250 කට අලෙවි කළ හැකිය.

Rate this item
(0 votes)