March 29, 2024

පකිස්ථාන් නායකයා පරාජයට කරුණු කියයි

September 03, 2014
ශ්‍රී ලංකාවේදී සිය කණ්ඩායම ලැබූ පරාජයට මූලික හේතුව පසුගිය කාලසීමාව තුළදී කණ්ඩායමට තරග නොමැති වීම බව පාකිස්තාන කණ්ඩායමේ නායක මිස්බා උල්හක් පැවැසීය. ශ්‍රී ලංකා තරග සංචාරය නිමවා පාකිස්තානයට පැමිණීමෙන් අනතුරුව පාකිස්තාන ක්‍රිකට් මණඩලයේ නිළධාරීන් හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව මිස්බා මෙම අදහස් ප්‍රකාශ කර තිබේ. 
 
ශ්‍රී ලංකාවේදි පැවැති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙසිනුත්, එක්දින තරගාවලිය 2-1ක් ලෙසිනුත් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලැබිය. 
 
කෙසේ වෙතත් කණ්ඩායමේ ක්‍රීඩකයන් හොඳින් සටන් කළ බවත්, ආසියානු තරගාවලියෙන් පසුව තරග අඩුවූ බවත් මිස්බා පවසා තිබේ. එසේම මෙහිදි එක්දින ලෝක කුසලාන තරගාවලියේ සැලසුම් පිළිබඳව සාකච්ඡා කළ බවත් මිස්බා පැවැසීය.
 
Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 September 2014 06:04