April 24, 2024

ව්‍යවස්ථාදායක සභාව අවසන් වරට රැස්වෙයි - අවසන් වරට ගත් තීරණ මෙන්න

පසුගිය පාර්ලිමේන්තුව විසින් පත්කරගන්නා ලද ව්‍යවස්ථාදායක සභාව අවසන් වරට ඊයේ (03) රැස්විය.

ව්‍යවස්ථාදායක සභාව හිටපු කථානායක, එහි සභාපති කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස්වී තිබිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මහින්ද සමරසිංහ, බිමල් රත්නායක යන මහත්වරු ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් 6 දෙනෙක් ඊට එක්ව සිටියහ.

හිටපු විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතාද ඊට සහභාගී විය යුතු වුවත් ඔහු සහභාගී වී නොතිබිණි.

මෙහිදී මානව හිමිකම් කොමිසම හා රාජ්‍ය සේවා කොමිසම යන කොමිසම්වල මෙන්ම හානි පූර්ණය පිළිබඳ කාර්යාලයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.

මීට අමතරව මුදල් කොමිසම, සීමා නීර්ණ කොමිසම, රාජ්‍ය ගිණුම් සේවා කොමිසම හා ප්‍රසම්පාදන කොමිසම විසින් ඉදිරිපත් කර ඇති කාර්තු වාර්තා ඇගයීමට ලක් කිරීමද මෙහිදී සිදු කෙරිණි.

Rate this item
(0 votes)