April 19, 2024

ආරාධනයට ගිය දෙන්නට හූ කීම කැත වැඩක්

ජනාධිපතිවරයාගේ පනිවිඩයක් රැගෙන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් වරාය පරිශ්‍රවයේ පැවැති විරෝධතා පැවැත් වූ ස්ථානයට ගියේ එහි වෘත්තීය සමිතිවල ආරාධනාවකට බව වරාය අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ආරාධනාවකට අනුව එහි ගිය එම දෙපළට විරෝධතාකරුවන් හූ කීම සහ විරෝධය දැක්වීම පහත් ක්‍රියාවක් බවද ඔහු සඳහන් කරයි. විරෝධතාකරුවන්ගේ හූ තැබීම සහ විරෝධය මත වීරවංශ සහ ගම්මන්පිල යන මහත්වරුන්ට වෘත්තීය සමිති සමඟ කිරීමට බලාපොරොත්තු වූ සාකච්ඡාව වෙනත් ස්ථානයක කිරීමට සිදු වු අතර එය අසාර්ථක වූ බවද වාර්තා විය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 02 August 2020 21:40