April 25, 2024

ප්‍රසන්න රණවීර පේන කියයි -පොහොට්ටුවට 187යි, විපක්ෂයට 38යි

එළඹෙන මහ මැතිවරණයේදී 1997 ජේ.ආර්.ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය ලබාගත් 5/6 බලයක් පොදුජන පෙරමුණ ලබා ගන්නා බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ප්‍රසන්න රණවීර මහතා අනාවැකියක් පළ කර තිබේ.

ප්‍රසන්න රණවීර මහතාගේ අනාවැකියට අනුව පාර්ලිමේන්තුවේ ආසන 225න් පොදුජන පෙරමුණට ආසන 187 හිමිවීමට නියමිත අතර සමස්ත විපක්ෂයට ම හිමිවන්නේ ආසන 38ක්‍ පමණි.

ප්‍රසන්න රණවීර මහතා මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණ ලැයිස්තුව යටතේ තරග වදී.


Rate this item
(0 votes)