March 29, 2024

රෝහිත අබේගුණවර්ධනගේ රථගායට සංවිධායකවරුන්ගේ දැඩි විරෝධය Featured

පසුගිය 29 වන දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වූ අවස්ථාවේ පොදුජන පෙරමුණු කණ්ඩායම් නායකයා වන රෝහිත අබේගුණවර්ධන මහතා කටයුතු කළ ආකාරය පිළිබඳව එම දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ ආසන සංවිධායකවරුන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ජනාධිපතිවරයා දිස්ත්‍රික්ක ආවරණය පරිදි රැස්වීම් රැසකට සහභාගි වූ අතර ඒ සෑම අවස්ථාවකදීම ඔහු ගමන්ගත් වාහනයට අන් කිසිදු ආසන සංවිධායකවරයෙකුට ගොඩවීමට ඉඩ නොදී රෝහිත අබේගුණවර්ධන මහතා පමණක් ගමන් කිරීම ඊට හේතු වී තිබේ.

සාමාන්‍යයෙන් ජනපතිවරයා හෝ අගමැතිවරයා මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යම් මැතිවරණ කොට්ඨාශයකට පැමිණෙන්නේ නම් එහි සංවිධායකවරයා, ජනපතිවරයා හා අගමැතිවරයා සමඟ වාහනයේ ගමන් කිරීම සම්ප්‍රදායක් වේ.

එහෙත් අබේගුණවර්ධන මහතා කිසිදු ආසන සංවිධායකවරයෙකුට ඒ සඳහා අවස්ථාවක් ලබාදීමට කටයුතු නොකළේය.


Rate this item
(0 votes)