March 29, 2024

හිස්බුල්ලා, අමීර් අලී අන්තවාදීන්ට සහය දුන් බව කොමිසමේදී හෙළි වේ

සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් පැවති ජාතික තව්හිද් ජමාත් සංවිධානය සඳහා නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස කටයුතු කළ අමීර් අලීගේ සහායත්, අල් ජමාත් සංවිධානය සඳහා හිස්බුල්ලාගේ සහයෝගයත් ද හිමි වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප‍්‍රධානි නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබා දෙමින් පැවසීය.
 
2017 වර්ෂයේ මාර්තු මස 10 වැනිදා සයින්දමරුදු ප‍්‍රදේශයේ අල්ලියාර් හන්දියේදී ජාතික තව්හිද් ජමාත් සංවිධානය සහ අල් ජමාත් සංවිධානය අතර ගැටුමක් හටගෙන ඇති අතර එම ගැටුමෙන් පසුව සහරාන් සැඟවී සිට තම සංවිධානයට නායකත්වය දී ඇති බව කොමිෂන් සභාව හමුවේදී පසුගියදා හෙළිවිය.
 
සහරාන් හෂීම්ගේ අනුගාමිකයකු ලෙස කටයුතු කර ඇති ආමි මොහිදීන්, ෂිබ්ලි ෆාරුක් නමැති දේශපාලනඥයාගේ ආරක්‍ෂකයකු ලෙස කටයුතු කර ඇත් ද යන්න කොමිෂන් සභාව විසින් නිලන්ත ජයවර්ධන මහතාගෙන් විමසා සිටි අතර ජයවර්ධන මහතා විසින් එය අනුමත කරන ලදී.

Rate this item
(1 Vote)