April 23, 2024

රාජපක්ෂලාට තියෙන්නේ වහල් මානසිකත්වයක් - සජිත්

අද වන විට ආර්ථිකය බරපතළ කඩා වැටීමක් තියනවා. සමස්ත ආර්ථිකයම කඩා වැටිල ව්‍යාපාර වෙළෙඳාම අකර්මණ්‍ය වෙලා මුළු ආර්ථිකයම එකතැන පල්වෙන මට්ටමකට පත්වෙලා. ලෝකයේ අනෙකුත් රටවල් බොහෝ විට මේ වගේම කඩා වැටීමකට ලක්වෙලා. ඒ රටවල් ක‍්‍රමාණුකූලව නැඟී එනවා. මොකක්ද හේතුව ඒ රටවල ආණ්ඩු ඒ රටේ මිනිස්සුන්ගේ අතට මුදල් සම්පත් ලබා දෙනවා. සල්ලි ලබාදෙන කොට ඒ සල්ලි පාවිච්චි කරනවා ආයෝජනයට, පාරිභෝජනයට, ඉතිරි කිරීමට, මේ නිසා ඉබේටම ආර්ථිකය ඉහළ යනවා යයි සමගි ජන බල වේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කීය.

සජිත් පේ‍්‍රමදාස මහතා මෙම අදහස් පළ කර සිටියේ 28 දා පස්වරුවේ කොළොන්නේදී පැවැති ජනරැලියක් අමතමිනි.
 
මෙම අවස්ථාව රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් මෙවර තරග වදින බී. ආරියවංශ මහතා විසින් සංවිධානය කර තිබිණි.
 
මෙහිදී වැඩිදුරටත් කතා කළ සජිත් ප්‍රේමදාස මහතා,
 
"මම ඔබතුමාලට පොරොන්දුවක් වෙනවා ජන සමාජයේ අසරණම ජන කොට්ඨාශයට ආර්ථිකය ඉහළට එනකම් පවුලකට රු. 20,000 බැගින් ලබා දෙනවා. ජනසවිය වගේ අපි ඉලක්ක කරල මේ 20,000 ලබාදෙන්නේ. කවුරු හරි හිතාගෙන ඉන්නවනම් මේ විසිදාහ අරගෙන ළඟම තැබෑරුම හොඳම තැබෑරුම කියල ඒවා කරන්න බැහැ කරන්න දෙන්නෙත් නැහැ. අනිවාර්යයෙන්ම පවුලේ සුබ සාධනයට පමණයි. එක තඹ සතයක්වත් අයුතු වැඩවලට වියදම් කරන්න අපි දෙන්නේ නැහැ. අපි අපේ රටේ සමගි ආණ්ඩුව පිහිටුවන විට රටේ තෙල් මිල පැය විසිහතරෙන් පහත දානවා. මේ නිසා අත්‍යාවශ්‍ය දේවල්වල මිල අඩුවෙලා මිනිස්සුන්ගේ අතේ සල්ලි ඉතිරිවෙලා ඉබේම ජනතාවගේ ආර්ථිකය ඉහළ යනවා. මම කියනවා නොයෙකුත් කණ්ඩායම් පනෙසායෙකුත් දේ කියයි. අපි පවුලකට 20,000 දෙනවා දෙනවාමයි. ආණ්ඩුව කරනවා කියපු එකම දෙයක්වත් කරල නැහැ. සමගි ආණ්ඩුවක් යටතේ අපි ජනතාවගෙන් අය කරපු මාර්තු විදුලි බිලත් අපේ‍්‍රල් විදුලි බිලත් අනිවාර්යෙන්ම ලබාදෙනවා. සමෘද්ධියත් සමග ජනසවිය දෙනවට වඩා තුන්දාහේ මල්ල ජනතාව විශ්වාස කළා. ලැබුණේ නැහැ. මෙවර නියත වශයෙන්ම දුරකථනය ජයග‍්‍රහණය කරනවා. එතකොට අපි නියත වශයෙන්ම ජනසවියත් සමෘද්ධියත් දෙකම ක‍්‍රියාත්මක කරනවා. මිත‍්‍රවරුනි කොළොන්න බල ප‍්‍රදේශයේ බහුතරයක් ගම්මිරිස් වගාව ක‍්‍රියාත්මක කරන ගොවි ජනතාව ඉන්නේ. අපේ රජය යටතේ ගම්මිරිස් මිල 650 යි. පසුගිය ජනාධිපතිවරණය වෙලාවේ කතා කළේ ගම්මිරිස් ගැනමයි දැන් කීයද ගම්මිරිස් මිල. කොළොන්නේ ජනතාව පොදිය පිටින් දුන්නනේ ගම්මිරිස් මිල වැඩි කරගන්න. දැන් කීයද ගාන. කොළොන්නේ ජනතාව විශාල ඡුන්ද ප‍්‍රමාණයක් මාගේ ප‍්‍රතිවාදියට ලබා දුන්නා. ගම්මිරිස් මිල නග්ග ගන්න. දැන් ඔබලා රැුවටුනා ඇති. මම බලයට ආවට පස්සේ අනිවාර්යෙන්ම මීට වඩා උසස් මිලක් ලබා දෙන්න පොරොන්දු වෙනවා. අද මේ රටේ ජනතාව වහල්ලූන් හැටියට සලකන්නේ. එවන් රජයක් තමයි නිර්මාණය කරන්න හදන්නේ. බොරුව පරාජය කරල සත්‍ය දිනවන්න. ගොවි ජනතාව අපි ඒකාන්තයෙන්ම රකිනවා. ශුද්‍ර මූල්‍ය ණයවලට යට වුණ කාන්තාවන්ට යම් සහනයක් ලබාදෙන්න අපි කටයුතු කරනවා. දැන් සල්ලිවලටවත් පොහොර නැහැ. අද ලෝකයටම පෙන්වන්නේ ගම්මිරිස් මිල හොඳයි හැමදේම තියෙනව කියනවා. පොහොට්ටුවේ නිර්මාතෘ කියපු කතාව ඔබ ඇහුවද? ඒයා කියනවා මේක මාධ්‍යවල දැම්මේ නැත්නම් හොඳයි කියනවා. බැසිල් කියනවා මේ රටේ ජනතාව මහා කම්මැලි ජනතාවක් කියා. එයා කියනවා වට්ටක්ක පතෝල අවශ්‍ය වෙන්නේ අවමංගල්‍ය උත්සවවලට පමණයි කියල. ඇත්තද ගොවි ජනතාව කම්මැලිද? අලසද? මේවා වාර්තා කරන්න එපාලූ. කවුරුත් සැකයක් ඇති කරගන්න එපා අපි මේ පාර දිනනවා. අද ගොවි ජනතාව නම් ඉවරයි. මහා වහල් මානසිකත්වයක් මේ රට පාලනය කරන අයට තියෙන්නේ. මේ රටේ ජනතාව වහල්ලූන් හැටියට ඒ අය හිතන් ඉන්නේ."
 
 මෙම අවස්ථාවට එක්වූ තලතා අතුකෝරළ, හේෂා විතානගේ, බී. ආරියවංශ ඇතුළු සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත‍්‍රික් අපේක්ෂකයන් රැලිය ආමන්ත‍්‍රණය කරන ලදී.

Rate this item
(0 votes)