March 29, 2024

සජිත් - රනිල් කරන්නේ රඟපෑමක් - පක්ෂය දෙකට කැඩුනේ දෙන්නාගේ අවබෝධයෙන් Featured

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ඒ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් පළ කළේය.

"සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලනවා කියන චෝදනාව කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් විශාල පිිරිසක් ඉවත් කරන්න එක්සත් ජාතික පක්ෂය කටයුතු කරලා තියෙනවා. ඔය ලැයිස්තු අපි මුල සිට අගටත් අග සිට මුලටත් කීප වරක්ම පරීක්ෂා කලා. හැබැයි එකේ සජිත් ප්‍රේමදාස මහතාගේ නම නැහැ. මොක්කද හොරේ. ඇත්ත කතන්දරේ මේ එක්සත් ජාතික පක්ෂයෙත් සමගි ජන බලවේගයෙත් බෙදීම එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේත් බෙදීම බොරුවක් ප්‍රෝඩාවක් මුලාවක් මේ අය කරන්නේ රඟපෑමක්. මහ බැංකු මගඩිය නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන කලකිරුණු එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දය සජිත් ප්‍රේමදාස මැතිතුමා ගාවටත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ විකට රංගනය නිසා කලකිරුණු එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබාගැනීමේ යටි අරමුණෙන් තමයි මේ අය බෙදීම අද පෙන්නුම් කරන්නේ. ඇත්තට බෙදිලා නෑ."

"අවසාන වශයෙන් සිද්ධ වෙන්නේ මැතිවරණයෙන් පස්සේ මේ දෙකම එකතු වෙලා පරණ පුරුදු පක්ෂය කරගෙන යනවා. ඒක නිසා තමයි පක්ෂයෙන් ඉවත් කරනවා කියන එකට ඔච්චර කලබල. 2014 දෙසැම්බර් මාසෙ 11 වැනිදා මම ජාතික හෙළ උරුමයෙන් ඉවත් වෙලා ආවා පිවිතුරු හෙළ උරුමය බිහි කරගත්තා. ආපහු ජාතික හෙළ උරුමයේ මාගේ සාමාජිකත්වයට මොකද වෙන්නේ ඒක තියෙනවද නැද්ද කියලා අපි කලබල වුණේ නෑ. මොකද අපි එක සදහටම අතහැරලයි ආවෙ. හැබැයි මේ අය මෙහෙම කලබල වෙන්නේ, ඇත්ත කතන්දරේ මේ දෙපාර්ශ්වය අතර කිසිම බෙදීමක් නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිබඳ කලකිරීමෙන් ඉන්න අයගේ ඡන්ද ටික සජිත් ප්‍රේමදාස මැතිතුමා ගාවටත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ විකට රංගනයෙන් කලකිරුණු එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්ද ටික රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගාවට එකතුකර මැතිවරණයෙන් පස්සේ දෙපාර්ශවය එකතුවීමේ කුමන්ත්‍රණයක යටි අරමුණක වැඩපිළිවෙළකයි ඔවුන් යෙදිලා ඉන්නේ."

Rate this item
(0 votes)