April 25, 2024

ගුවන් තොටුපල විවෘත කිරිම කල් යයි

කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල යළි විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
මීට පෙර තීරණය කර තිබුණේ ඉකුත් අගෝස්තු මස පළමු වැනිදා සිට ගුවන් තොටුපොල විවෘත කිරීමටය.
විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ තත්ත්වය පමණක් නොව සෙසු රටවල කොරෝනා තත්ත්වයද ගුවන් තොටුපොල විවෘත කිරීමේදී ප්‍රධාන සාධකයක් බවයි.
Rate this item
(0 votes)