April 18, 2024

මත්ද්‍රව්‍ය මඩින්න ජනාධිපතිවරයා පියවර අරගෙන තියෙන්නේ - නාමල්ගෙන් සහතිකයක්

වතුකරයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්විමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපෙක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසිය.

නාමල් රාජපක්ෂ මහතා ඒ බැව් කියා සිටියේ ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් එම පක්ෂයේ තරුණ හමුව හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ පැවති අවස්තාවේ විශේෂ ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි.

එම පක්ෂයේ මහලේකම් සහ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ හමුව පැවැත් විණ.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

“ආරුමුගන් තොණ්ඩමන් මහතා හැමවෙලාවෙම විශ්වාස කරේ වතුකරයේ ජනතාව වෙනුවෙන් ආණ්ඩුවය සමග එතුමා මැදිහත් වෙලා කටයුතු කරන්න ඕනි කියන එක. එතුමා දේශපාලනමය වශයෙන් ප්‍රතිපත්තියක හිටියා. මහින්ද රාජපක්ෂ මහතා දිනුවත් , පරාජයට පත් වුණත් එකට හිටපු නායකයෙක්. සමහර  දේශපාලඥයින් ඉන්නවා දිනන පැත්තට ගිහින් තනතුරු ලබාගෙන තම පලාතට කිසිදු සේවයක් කරන්නේ නැ. තොණ්ඩමන් මහතා නිරන්තරයෙන් මහින්ද රාජපක්ෂ මහතා සමග මේ දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න සාකච්ඡා කලා. ඒ වගේම වැඩ කලා. නුවරඑලියේ මාර්ග කාපට් දලා , කොන්ක්‍රිට් දලා මාර්ග සංවර්ධනය කලා. වෘත්තිය පුහුණුව සහ ස්වයං රැකියා දියුණු කරලා ආර්ථිකය හැදුවා. ලංකානු ඉතිහාසයේ නුවරඑලියට වැඩිම සංවර්ධනයක් කලේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ආරුමුගන් තොණ්ඩමන් මහතා හරහා. පසුගිය අවුරුදු පහේ බොහෝ සංවර්ධන කටයුතු නතර වුණා . මම තොණ්ඩමන් මහතා සමග උතුරේ අධ්‍යාපනය ගැන කතා කරා , එතකොට අපිට දැනුන දේ තමයි උතුරේ , දකුණේ , කදුකරයේ දමිල භාෂාව උගන්වන ගුරුවරු හිගයක් තියෙනවා කියලා. ජිවන් සදහන් කලා මත්ද්‍රව්‍යය ප්‍රශ්නය ගැන , ඒකට අපි ස්ථිර විසදුමක් දෙන්න ඕනි. ඒ සදහා ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. අපි තරුණයෝ හැටියට තරුණ පරපුර ආරක්ෂා කර ගන්න ඕනි. ඒ සදහා අපි කැපවෙනවා. අපි විශ්වාස කරනවා ඔබලා පොහොට්ටුවට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දෙනවා කියලා.” යනුවෙන් පැවසිය.

Rate this item
(0 votes)