April 25, 2024

කොළ, නිල්, රතු හැමෝම එක තැනක - වෙනස ජනතාව හඳුනාගෙන

මේ වන විට  පරිවර්තන කුමක්ද යන්න ජනතාව හඳුනා ගෙන අවසන් බව කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

රාජපක්ෂ මහතා මේ බව සන්ධාන කළේ තලවතුගොඩ නගරයේදී පැවති ජන හමුවේදීය.

එදා කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු කියන මිනිස්සු අද හැම ගමකම එක තැනකට එකතු වී සිටින බවයි ඔහු කියා සිටියේ. 

''අද ඒ මිනිස්සු කියන්න කැපුවත් ගෝඨාභය කියලා''.

මේ සංස්කෘතිය අනාගතය ගැන තිබෙන සුභ ලකුණක් බව හෙතෙම ප්‍රකාශ කළේය. 

ගෝඨාභය රාජපක්ෂ මහටහගේ දේශපාලන ආගමනයත් සමඟ ගම තුළ පැවති පක්ෂවලට වෙන්වූ වෛරී දේශපාලන සංස්කෘතියද වෙනස් වී ඇති බවැඩ ඔහු පෙන්වාදුන්නේය. 

''පසුගිය ආණ්ඩුව තුළ ඉදගෙන අපට කරන්න සිදුවුණේ විපක්ෂයේ කර්යභාරය. ඒ ආණ්ඩුව ජනතාවගේ ඉඩම් අයිතිය අහිමි කරන්න ගෙනාව ඉඩම් සංශෝධන පනත මහා භයානක පනතක්.  ඒ ඉදිරිපත් කරන හැම මොහොතෙම මම ඒක ප්‍රතික්ශේප කළා. මම පාර්ලිමේන්තුව තුළදී ලංකාවේ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය තියනවයි කියලා රටට ලෝකෙට හෙලිදරව් කිරීමේ වරදට, අපේ ජාතික සම්පත මුළු ආසියානු කලාපයේම තිබෙන ආර්ථික මර්මස්ථානය වන හම්බන්තොට වරාය චීනෙට දීමට විරෝධය පෑම වැනි කරුණු මත මා අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව එම පනත ඇමති මණ්ඩලය අනුමත කරළා පාර්ලිමේන්තුවට ගෙනල්ලා ගැසට් කළ බව මෙතන ඉන්න දිනේෂ් ගුණවර්ධන මැතිතුමා දන්නවා.ඒ වාගේම එදා රනිල් මංගල එම්සිසි ගිවිසුම යටතේ ත්‍රිකුණාමලය වරායත් අපේ රටේ ඉඩම් අක්කර ලක්ෂ 12 කුත් ඇමරිකාවට දෙන්න එකඟ වුණා. ඒ ප්‍රමාධය තුළ තමයි එදා පාස්කු ඉරිදා බෝම්බය පුපුරන්නෙ. මේ පාස්කු ඉරිදා බෝම්බ පුපුරණවා කියලා මම කිව්වෙ මාස 30 කට කලින්. මම අපේ රාජ්‍ය නායකයින් දැනුවත් කළා මෙවැනි සිදුවීමක් කොයි මොහොතෙ හරි වෙනවා අපේ ජාතික ආරක්ෂවට ජාතික සමගියට ප්‍රශ්නයක් වෙන බව මම එදා ආණ්ඩුවට පැහැදිලි කළා. එවැනි අවාසනාවන්ත සිද්දියක් වුනොත් අපේ ජාතීන් අතර අවිශ්වාසය ඇති වෙලා ජාතික සමගිය බිඳ වැටිලා නැවතත් අපිට තිස් අවුරුද්දක් පැවති යුද්ධය වගේ  අවාසනාවන්ත කාල පරිච්ඡේදයකට යන්න වෙන බව මම දිගින් දිගට ප්‍රශ්න කළත් ඒ නායකයෝ කමකට ගත්තේ නැති නිසා මම සම්ප්‍රදායෙන් පිට පැනලා තීන්දුවක් ගත්තා. ඒ පිළිබඳව කරුණු පාර්ලිමේන්තුවට ගිහින් ජනතාවට හෙලිදරව් කළා. මම ඒ හෙලිදරව් කළ දවසේ ඉඳලා ජාති වාදියෙක් කියලා හංවඩු ගහන්න උත්සාහ කළා. එදා ආණ්ඩුවේ අය ජනතාවට එකදු ත්‍රස්තවාදියෙක් නැහැ කියලා ප්‍රකාශ කරමින් ඒ සහරාන් ඇතුළු ත්‍රස්ත කල්ලිය ආරක්ෂා කළා.''

කෙසේවෙතත් මේ වන විට ජාති ආගම් භේදයකින් තොරව එක් පෙරමුණකට පැමිණ සිටින අතර රට නිවැරදි දිශාවට ගෙන යාම වෙනුවෙන් රටේ හත්වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නායකත්වය දෙන බව විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේය. 

ගෝඨාභය රාජපක්ෂ ප්‍රධානත්වයෙන් ජන හමුව සංවිධානය කර තිබුණි. 

Rate this item
(0 votes)