April 25, 2024

"ගොඩනැගිල්ල කැඩුවාට කුරුණෑගල ජනතාවට ගාණක් නෑ" - නාමල් රාජපක්ෂ

ආන්දෝලනයට ලක්ව ඇති කුරුණෑගල නගරාධිපතිවරයා විසින් ගොඩනැගිල්ලක් කඩා දැමීමේ ක්‍රියාව නිවැරදි එකක් බවත් එම ගොඩනැගිල්ලට කිසිදු ඓතිහාසික වටිනාකමක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පසුගියදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.  

"මේ කුරුණෑගල සිද්ධිය. මේ මෑත කාලයේ මේ මැතිවරණය අස්සේ සමාජ මාධ්‍ය තුළ. මං හිතන්නෙ මං කුරුණෑගල ගියා කීපවතාවක් ඕකෙන් පස්සෙත්. කුරුණෑගල නම් වැඩි කතිකාවතක් නෑ ඒ සම්බන්ධයෙන් අවංකවම.  කරපු වැඩේ හරි. හැබැයි කරපු විදිහ වැරදියි කියන එක මං පිළිගන්නවා. මොකද ඒක කඩන්න තිබිච්ච එකක්. ඒක පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන එකක් නෙවෙයි කියන එක අද පිළිඅරන් තියෙනවා." කඩපු කෑල්ල හරි. කරපු විදිහ වැරදියි. ඕක ඔයිට වඩා වෙනස් විදියකට කරන්න තිබුණා, පුරාවිද්‍යා නිලධාරීනුත් කැඳවලා. පුරාවිද්‍යා එකටත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා, පසුගිය පාලනය යටතේ නිලධාරීන් බඳවාගෙන නෑ, ඒ නිසා නිලධාරීන් හිඟයකුත් තියෙනවා. මේ සිද්ධියෙදි ඒ නිලධාරීන් සහ දේශපාලනඥයින් කියන දෙගොල්ලොම මීට වඩා වගකීමෙන් කටයුතු කළා නම් හරි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේය. 

Rate this item
(0 votes)