April 18, 2024

කළුතර දිස්ත්‍රික් එ.ජා.පයේ අපේක්ෂකයෙක් සමගි ජනබලවේගයට කරණමක් ගැසීමේ සුදානමක්

එළැඹෙන මහා මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂකයෙකු සමගි ජන බලවේගයට දේශපාලන කරණමක් ගැසීමට මේ දිනවල සුදානම් වන බව වාර්තා වෙයි.

සමගි ජන බලවේගයට සම්බන්ධ වන ලෙස මධ්‍යම පළාත නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකුද ඔහුට ආරාධනා කර තිබේ.

එහෙත් ඒ සඳහා සමගි ජන බලවේගයේ ඉහළ නායකත්වයෙන් ආරාධනයක් තමාට පැමිණිය යුතු බව ඔහු සඳහන් කරයි.

දේශපාලන කරණමට සුදානම් වන මෙම අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කය සඳහා පළාත් සභා මැතිවරණ කිහිපයකටද ඉදිරිපත් වී ඇති අතර පසුගිය යහපාලන රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ සම්බන්ධීකාරක වරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

Rate this item
(1 Vote)