April 20, 2024

සිංහල බෞද්ධ උරුමය ගැන හැඟීමක් තියෙන්නේ සිංහල බෞද්ධයෙකුට පමණයි - දයාසිරි Featured

සිංහල බෞද්ධ උරුමයක් ගැන හැඟීමක් තිබෙන්නේ සිංහල බෞද්ධයෙකුට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කුරුණෑගල දී ප්‍රකාශ කොට තිබුණි.

ඒ දෙවන බුවනෙකබා රජුගේ රාජ්‍ය සභාව විනාශ කිරීම ගැන ඔහු හා පොදුජන පෙරමුණ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ජොන්සටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අතර එකිනෙකාට එරෙහිව ප්‍රසිද්ධියේ ම විවේචනය එල්ල කර ගැනීමේ වැඩ පිළිවලේ ප්‍රතිඵලයක් හැටියටය.

සිංහල ප්‍රෞඪ ඉතිහාසය ගැන අවබෝධයක් තිබෙන්නේ සිංහල බෞද්ධයෙකුට පමණක් බව ප්‍රකාශ කරන ජයසේකර මහතා සිංහල බෞද්ධයෙකු වන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කතෝලිකයෙකු වේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 23 July 2020 22:28

Related items