April 19, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

මළවුන්ගේ සිම්පත් 200 කින් 'ලිංගිකව හැසිරුණු' කපුවාගේ ගෝලයා මාට්ටු

September 01, 2014
මියගිය පුද්ගලයන් දෙසීය ගණනකගේ දුරකථන සිම්පත් ලඟ තබා ගනිමින් කාන්තාවන්ට අසභ්‍ය කෙටි පණිවිඩ යවා ලිංගික හිංසනයේ යෙදුනු කුරුණෑගල රිදීබැඳිඇල්ල ප්‍රදේශයේ දේවාලයක කපුවකුගේ හිටපු රියදුරකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහව මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළාය.
 
අත්අඩංගුවට පත්වන විට ඔහු සතුව දුරකථන සිම්පත් දෙකක් සහ මෙමරි චිප් දෙකක් තිබී සොයාගෙන ඇති අතර එහි අසභ්‍ය දර්ශනද අඩංගු වී ඇත. ඒ වන විට පුද්ගලික ආයතනයක භාණ්ඩ ප්‍රවාහනයේ යෙදුනු සැකකරු රූපලාවණ්‍යාගාර වෙත ගොස් එහි පැමිණෙන කාන්තාවන්ගේ දුරකථන අංක ලබාගනිමින් මෙලෙස අසභ්‍ය කෙටිපණිවිඩ යවා ඇත. {module LOLC}
 
මෙම පුද්ගලයා කලක් සේවය කළ දේවාලයේ කපු මහතාද 2013 /  12 / 13 වන දින දුම්රියේ හැපී ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ඔහුගේ සිම් පතද භාවිතා කරමින් මෙම කටයුත්තේ නිරත වී තිබේ.
 
ඔහු පිළිබඳ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිසි පහකට පැමිණිලි ලැබී තිබූ අතර පසුව උපාය දූතයෙකු යොදවා මහව පොලිසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
(සුනිල් එස් පැල්ලන්දෙණිය)
Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 September 2014 08:33