April 19, 2024

පොලිසියේ තුනක් යටකර පලා ගිය ටිපර් එක අල්ලයි (CCTV දර්ශන)

මාතර, හක්මන, කිරින්ද නගරයේ මාර්ග බාධකයක රාජකාරියේ නියුතු වූ පෙලිස් නිලධාරීන් පිරිසක් අනතුරට ලක්කර පළා ගිය ටිපර් රථයේ රියැදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලීසිය පැවසුවේ, සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවය.

ඊයේ(13) රාත්‍රී 11.00 ට පමණ හක්මන, කිරින්ද නගරයේ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් හක්මන දෙසට ධාවනය වූ ටිපර් රථයක් නැවැත්වීමට සංඥා කර තිබේ.

පොලීසිය පැවසුවේ, එම අවස්ථාවේ අදාළ ටිපර් රථය නොනවත්වා ධාවනය කළ බවයි.

ඒ අනුව ඔවුන් කළ දැනුම් දීම මත හක්මන දෙසට ඇති ඊළඟ මාර්ග බාධකයකයේදී අදාළ ටිපර් රථය නැවැත්වීමට එහි සිටි පොලිස් නිලධාරීන් කටයුතු කර තිබුණි.

ඔවුන් ටිපර් රථය පරීක්ෂා කරන අවස්ථාවේ කලින් මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් ද ටිපර් රථය ලුහුබැද එම ස්ථානයට පැමිණි බව පෙලීසිය ප්‍රකාශ කළේ ය.

එහිදී ටිපර් රථයේ රියැදුරුට අනතුරුදායක ලෙස රිය ධාවනයට අදාළ දඩ කොළයක් ලබාදී අවවාද කර මුදා හැර තිබේ.

කෙසේ වෙතත් එම සිද්ධියෙන් විනාඩි 10 කට පමණ පසු ආදාළ ටිපර් රථය නැවත පැමිණ මාර්ග බාධකය අසළ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් අනතුරට පත්කොට පළාගොස් ඇත.

මෙම සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් සැරයන්වරුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි පොලීසිය පැවසීය.

අනතුරින් මියගොස් ඇත්තේ, හක්මන පොලිස්ථානයට අනුයුක්තව සේවය කළ 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

හක්මන කෝන්ගල ප්‍රදේශයේදී 13 දින රාත්‍රී මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු යට කරමින් පලා ගිය ටිපර් රථය 14 අළුයම රන්න කට්ටකඩුව  ප්‍රදේශයේ සඟවා තිබියදී හක්මන පොලීසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින්  සොයාගෙන ඇත.

Rate this item
(0 votes)