April 20, 2024

රටට ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් නැතිකම බරපතලම ප්‍රශ්නයයි (VIDEO)

අපි දේශපාලඥයින් පස්සේ ගිහින් උදව් ඉල්ලන ව්‍යාපාරිකයන් නොවන බව ඩිමො සමූහ ව්‍යාපාරයේ සභාපති රන්ජිත් පණ්ඩිතගේ මහතා ප්‍රකාශ කරයි.

මේ රට මුහුණ දෙන ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ ස්‌ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් නැති කම බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

මම සහභාගී වන සෑම සම්මේලනයකදිම කියන්නේ හැමෝටම එක විදියට සලකන වෙනස් නොවන එක ආර්ථික ප්‍රතිපත්තියක් රටට තිබිය යුතුයි කියන කරුණ බවද ඔහු පෙන්වා දෙයි.

ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් නොතිබීම ව්‍යාපාර ක්ෂේත්‍රයේ දියුණුවට ඇති ප්‍රධානතම බාධාව බවද ඔහු සඳහන් කරයි.

Rate this item
(0 votes)