April 25, 2024

සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කර අවසන් - ගැසට් නිවේදනය මේ සතියේ

නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය මෙම සතිය ඇතුළත නිකුත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.  

අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතු වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයායි.

එම ගැසට් නිවේදනයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ වනවිට සකස් කර අවසන් බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පැවසීය. 

අදාළ මාර්ගෝපදේශ ඇතුළත් යෝජනාවලිය මීට පෙර නීතිපතිවරයා හමුවට ද ඉදිරිපත් කෙරුණා. කෙසේ වෙතත්, එම මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ප‍්‍රමාද වීම හේතුවෙන් ගැටලූ රැසක් මතුව ඇති බව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පාර්ශව කිහිපයක් පෙන්වා දෙයි. 

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය ඊයේ ප‍්‍රකාශ කළේ, අදාළ ගැසට් නිවේදනය නිකුත් නොකළහොත් මැතිවරණය පැවැත්වීම ඉතා අපහසු කටයුත්තක් බවයි.

Rate this item
(0 votes)