March 29, 2024

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම අද සිට නවතා දමයි

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද (14) දිනයේ සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වාගැනීම තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇති බව විදේශ සබදතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් නව කොවිඩ් නයින්ටීන් ආසාදිත පොකුරක් හඳුනාගැනීමෙන් පසු ඔවුන්ගේ ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම තත්ත්වය තුළ නිරෝධායන මධ්‍යස්ථානය තුළ ඉඩකඩ සීමිත වීම හේතුවෙන් තාවකාලිකව විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම නතර කළ බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය.

Rate this item
(0 votes)