March 28, 2024

PCR පරීක්ෂණයට ගෙන ආ රැඳවියා මිගමුව රෝහලේ 08 වන මහලෙන් ඇද වැටී මරුට

කොරෝනා වැලදී ඇත්දැයි පරීක්ෂාව සදහා ඇතුලත් කල හෙරොයින් වරදකට සම්බන්ධව බන්ධනාගාර ගත කොට සිටි රැඳවියෙකු රෝහලෙන් පැනයාමට යාමේදී එහි 8 වන මහලෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙම රැඳවියා PCR පරීක්ෂණය සඳහා මීගමුව බන්ධනාගාරයේ සිට මීගමුව රෝහලට මාරු කොට තිබෙන බව රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ශ්වසන මාර්ගයේ ඇතිව තිබු රෝගී තත්ත්වයක් නිසා මෙම රැඳවියා ඉකුත් 12 වෙනිදා මිගමුව බන්ධනාගාරයේ සිට රෝහලට රැගෙනවිත් තිබු අතර ඔහු බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ පසුව සිට ඇති බව සඳහන් වේ.

ඊයේ රාත්‍රී 12.30ට පමණ අදාළ රැඳවියා අතුරුදහන් බවට වාර්තා වීමත් සමග පොලිසිය සහ රෝහලේ ආරක්ෂක නිලධාරින් ඒ පිලිබඳව සොයා බැලීමේදී මෙලෙස ඔහු බිමට ඇද වැටී මියගොස් සිටියදී හමුව තිබේ.

මෙම රැඳවියා වයස අවුරුදු 34ක් පමණ වන අයෙක් බවත් ඔහුගේ PCR පරීක්ෂණ වාර්තාවේ ප්‍රථිපල අද දිනයේදී ලැබීමට නියමිතව ඇති බව මිගමුව රෝහලේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)