April 20, 2024

ඡන්දයට වඩා ඡන්දදායකයාගේ ජිවිතය වටිනා නිසා මැතිවරණය කල්දැමිය යුතුයි

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ දෙවනි රැල්ලක් මතු වි ඇති නිසා ජන්දයට වඩා ජන්ද දායකයාගේ ජිවිතට වටිනා බැවින් පවත්නා අවධානම මත මහ මැතිවරණය කල් දැමිමට ජනාධිපතිවරයා කටයුතු කල යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් අපේක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

හැටන් ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යය අදහස් දක්වමින් නවින් දිසානායක මහතා (13) දින එ බැව් පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මහතා කියා සිටියේ කොවිඩ් 19 වෛරසයේ දෙවන රැල්ල පැතිර යාමේ සම්බන්ධයෙන් සෞඛ්‍යය අංශ සහ රජය නිසි තොරතුරු රටට හෙලි නොකරන බවයි.

ජන්දදායකයා මේ වන විට කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ දෙවන රැල්ලට බිය වි ඇති නිසා ජන්දය නිසි දිනට පැවැත්වුණද ජන්දය භාවිතා කිරිමට පැමිණෙන ප්‍රතිශතයේ විශාල අඩුවක් පැවතිය හැකි බවද නවින් දිසානායක මහතා පැවසිය.

රාජ්‍යය සේවකයින් තැපැල් ජන්දය භාවිතා කිරිමේදි එ පිලිබදව දෙවරක් සිතිය යුතු බවත් , අද රාජ්‍යය සේවකයින් මර්දනය කිරිමේ වැඩපිලිවෙලක් රජය විසින් දියත් කර ඇති බවද නවින් දිසානායක මහතා පැවසිය.

එක්සත් ජාතික පක්ෂය දෙකඩ විම නිසා එහි වාසිය ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානයට ලැබි ඇති බවත් , මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදි ආණ්ඩු පක්ෂයට එක් නිතියකුත් , විපක්ෂයට එක් නිතියකුත් ක්‍රියාත්මක වන බවයි නවින් දිසානායක මහතා කියා සිටින්නේය.

එක්සත් ජාතික පාක්ෂිකයන් පක්ෂය දෙකඩ විම පිලිබදව දැඩි කනස්සල්ලෙන් පසුවන බවත් , එක්සත් ජාතික පක්ෂයේ අතිත නායකයන් පිලිබදව සහ ඔහුන් රටට සිදු කල සේවාවන් පිලිබදව වර්තමාන තරුණ පරපුර එ පිලිබදව අවබෝධයකින් තොරව කටයුතු කරන බවද නවින් දිසානායක මහතා පැවසිය.

Rate this item
(0 votes)