April 20, 2024

රැස්වීම්වලට කොන්දේසි දාන එක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි ඕන නම් මැතිවරණය කල් දාන්න - සජිත්

ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම ජනතාව ගැන සිතන්නේ නම් මේ මොහොතේ කළ යුත්තේ වහාම මැතිවරණය කල් දැමීම බව සමඟි ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. 

ඔහු මේ බව සඳහන් කළේ අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි. 

මැතිවරණයක් ප්‍රකාශ කළ පසු රැස්වීම්වලට සීමා කොන්දේසි පැනවීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන අතර ඉන් හානිය සිදුවන්නේ විපක්ෂයට බව ප්‍රේමදාස මහතා සඳහන් කළේය. 

අනවශ්‍ය නීති රෙගුලාසි දැමීම වෙනුවට රජයටත් මැතිවරණ කොමිසමටත් මැතිවරණය කල්දැමිය හැකි බව හෙතෙම ප්‍රකාශ කළේය. එවන් තත්ත්වයක රැස්වීම්වලට දමන කොන්දේසි ගැන සිතා බැලිය හැකි බව ඔහු කියා සිටියේය. 

"කොරෝනා දෙවෙනි රැල්ල පිළිබඳව තොරතුරු දත්ත සංඛ්‍යා ලේඛන මේ ඔක්කොම නිකුත් කරන්නේ ආණ්ඩු පාර්ශවයෙන් විතරයි. ඇත්තම කතා කරනවා නම් මේ තොරතුරුවල විනිවිදභාවයක් තිබෙනවද සත්‍යතාවක් තිබෙනවද ඇත්තද බොරුද කියන දේවල් පිළිබඳව ලොකු ව්‍යකුලත්වයක් තියෙනවා. ආණ්ඩුව පිළිඅරන් තියෙනවා කොරෝනා දෙවෙනි රැල්ලක් ඇතිවෙලා කියලා. අපි තමයි කිව්වේ මේක මැතිවරණ තියන්න කාලයක් නොවෙයි කියල. ඒත් මැතිවරණ කොමිසම දිනය කිව්වේ නැත්නම් ආණ්ඩුවම දිනය කියන තත්ත්වයක් තිබුණේ ඒ නිසා තමයි කඩිමුඩියේ අගෝස්තු 05 කියල නම් කළේ. මැතිවරණයක් තියෙනවා කිව්වට පස්සේ කොමිසමටවත් කාටවත් සදාචාර අයිතියක් නැහැ එක එක කොන්දේසි දාන්න. කොන්දේසි දැම්මම හානිය සිදුවන්නේ විපක්ෂ පාර්ශවයට."

එය ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවයි ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවේය. 

Rate this item
(1 Vote)