April 18, 2024

දැන් තියෙන්නේ අලි පොහොට්ටු පූට්ටුවක් - චමිර පෙරේරා

අලියා සහ පොහොට්ටුව මේ වන විට එකට පුට්ටු වෙලා ඇති බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා ඒ බව කියා සිටියේ හැටන් නගරයේ පැවති මාධ්‍යය හමුවකට සහභාගි වෙමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් චමිර පෙරේරා මහතා මෙසේ කියා සිටියේය.

"දැන් මහින්ද රාජපක්ෂ මහතාට පුදුමාකාර දුකක් දැනෙනවා සිරිකොත ගැන. එක්සත් ජාතික පක්ෂය දෙකඩ වෙලා තියෙනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් එක් එක් අය ඒ කාලේ ගියා නමුත් මේ විදිහට දෙකඩ වෙලා නැහැ කියලා. සජිත් ප්‍රේමදාස තමයි මේක දෙකඩ කලේ කියලා පුදුමාකාර දුකක්නේ තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාට. සිරිකොත ආරක්ෂා කරන මෙහෙයුමේ ඉදිරියෙන් ඉන්නේ ආණ්ඩුවනේ. මහින්ද රාජපක්ෂ මහතාගේ අවුරුදු 10 යෙත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ආරක්ෂා කරන්න ක්‍රියා කරපු විදිහ අපි දැක්කනේ. පාර වහලා තාර දලා රනිල් වික්‍රමසිංහව ආරක්ෂා කරා , සිරිකොත බද්දට ගන්න යන්නේ ආණ්ඩුව.ඒ අය චෝදනා කරනවා යහපාලන රජයට ආර්ථිකය ගොඩ දාන්න බැරිවුණා කියලා. හරි ආර්ථිකය ගොඩ දාන්න බැරි වුණා කියමුකෝ. යහපාලන රජයේ ප්‍රබලයින් දැන් ඉන්නේ කාත් එක්කද? යහපාලන රජය මෙහෙයවපු රාජ්‍ය නායකයා ඉන්නේ පොහොට්ටුවේ. රනිල් වික්‍රමසිංහත් ආරක්ෂා කරනවා. මේක දැන් අලි පොහොට්ටු පුට්ටුවක්නේ, ආර්ථිකය නැති කරපු උන් ඔක්කොම ඉන්නේ පොහොට්ටුවේ. යහපාලනයේ ලොක්කෝ ටික ඉන්නේ පොහොට්ටුවේ."

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(1 Vote)