April 24, 2024

යාපනයේ පිපිරීමකින් තිදෙනෙකුට තුවාල - සිව් දෙනෙකු අත්අඩංගුවට

යාපනය ඉලවාලෙයි පොස් වසමේ කීරිමලෙයි ප්‍රදේශයේදී බෝම්බයක් වැනි යමක් ගැලවීමට ගත් උත්සහයකදී එය පුපුරා යාමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර එහි සිටි සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවට ඉලවාලෙයි පොලීසිය පවසයි.

කීරිමලෙයි ප්‍රදේශයේ කැලෑවකින් හමු වූ බෝම්බයක් සැකකරුවන් විසින් කැපීමට උත්සහයකදී එහි පිපිරීමක් සිදුව ඇති අතර එයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවටද පොලීසිය පැවසීය.

බෝම්බය ගලවා වෙනත් පිපිරීමක් හෝ පුපුරණද්‍රව්‍ය රැස් කිරීමට සැකකරුවන් උත්සහයක යෙදී ඇති බවට තොරතුරු අනාවරනය වීමත් සමග පිපිරීමෙන් තුවාල ලැබූ තිදෙනා ඇතුලු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන් මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන ඉලවාලෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Monday, 13 July 2020 13:27