April 25, 2024

දැන් මතුව තිබෙන්නේ කොරෝනා දෙවෙනි රැල්ලක පෙර නිමිති (VIDEO)

කන්දකාඩුවේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනුරුත්තාපනය කරන කඳවුරේ ඉස්මතු වූ කොරෝනා රෝග ව්‍යාප්තිය මේ වන විට රටේ බොහෝ ප්‍රදේශ වලට බලපෑමක් කර තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

මේ වන විට නාත්තණ්ඩිය, රාජාංගනය, හබරාදුව සහ පොලොන්නරුව වැනි දිවයිනේ විවිධ පැති වලින් රෝගීන් වාර්තා වන බවද ඔහු පෙන්වා දෙයි.

මෙම කොරෝනා ව්‍යාප්තිය ඉදිරියේදී තවත් වේගවත් වීමට ඉඩ ඇති බව පෙන්වා දෙන රෝහණ මහතා ඉන් කොරෝනා දෙවෙන රැල්ලක පෙර නිමිතිද පෙන්නුම් කරන බව සඳහන් කරයි.  

Rate this item
(2 votes)
Last modified on Monday, 13 July 2020 13:28