March 29, 2024

කොළඹ ප්‍රසිද්ධ පාසලක විදුහල්පති පොහොට්ටුවේ මැතිවරණ වේදිකාවේ

කොළඹ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වන බවට මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබී ඇතැයි වාර්තා වේ.

වාර්තා වන ආකාරයට අදාල පාසලේ විදුහල්පතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කරන සරත් වීරසේකර මහතාගේ මැතිවරණ ජනහමු සඳහා සහභාගී වී තිබේ.

ඔහු එලෙස සහභාගී ඇත්තේ එම පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපතිවරයාගේ ආරාධනය මත බවද වාර්තා වේ.

කෙසේවෙතත් එය කිසිසේත් රජයේ වගකීම් සහගත නිලධාරියෙකු ලෙස එලෙස මැතිවරණ නීති නොතකා කටයුතු කිරීම වැරදි ක්‍රියාවක් බවත් එය මැතිවරණය පැවැත්වෙන මෙවන් කාල සීමාවක මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බවත් දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

අදාල විදුහල්පතිවරයා ප්‍රසිද්ධියේ දේශපාලනික කටයුතුවලට නිරත වීම පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ පිළිකුලට හේතුවී ඇත. ඔහු එලෙස සහභාගී වූ මැතිවරණ ජනහමු වල ඡායාරූපද මේවන විට සමාජ මාධ්‍ය වල පළ වී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග පැවසූවේ අදාල විදුහල්පතිවරයා පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවත් ඒ අනුව අදාල ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සිදුකරමින් පවතින බවත්ය.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරචිචි මහතාගෙන් අපකල විමසීමකදී ප්‍රකාශ කළේ රජයේ නිලධාරීන්ට දේශපාලනය හිමි සහ අහිමි ලෙස වෙන් කර ගත හැකි බවත් ඒ අනුව රජයේ මාණ්ඩලික නිලධාරීන්ට, පරිපාලන නිලධාරීන්ට සහ සාම නිලධාරීන් ලෙස ගැනෙන හමුදා, පොලිස් සහ ග්‍රාමනිලධාරීන්ට කිසිසේත් දේශපාලන කටුයුතු නිරත විය නොහැකි බවත්ය.

ඒ අනුව පාසලක විදුහල්පතිවරයෙකු රජයේ මාණ්ඩලික නිලධාරීන් ලෙස කටයුතු කරන බැවින් ඔවුන්ට දේශපාලන කටයුතුවල නිරත විය නොහැකි බව හෙට්ටිආරචිචි මහතා පැවසීය.

     

Rate this item
(0 votes)
Last modified on Saturday, 11 July 2020 19:17