April 16, 2024

එජාපය හා සමඟි ජනබලවේගයත් ඇන කොටා ගනී Featured

බොහෝ දිස්ත්‍රික්ක වල පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් මනාප සඳහා ඇන කොටා ගනිද්දී එක්සත් ජාතික පක්ෂය හා ඉන් වෙන් වී ගිය සමඟි ජන බලවේගය එකිනෙකා විවේචනය කර ගනිමින් සිටියි.

එජාප උප නායක රවී කරුණානායක මහතා සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හා එහි සාමාජිකයන් රැසක් දුෂිතයන් ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වා දෙමින් මහ බැංකු බැඳුම්කර සිද්ධියේ ෆුට් නෝට් ගැසූ කල්ලියට හැකි නම් තමා සමඟ ප්‍රසිද්ධියේ විවාදයකට එන ලෙස අභියෝගයක්ද කරයි. ඒ අතර එජාපයේ තවත් ජෙෂ්ඨයෙකු වන වජිර අබේවර්ධන මහතා සඳහන් කරන්නේ සමඟි ජන බලවේගයේ නායකයන්ගේ වෛර දේශපාලනය අවසන් වන්නේ විනාශයකින් බවය.

සමගි ජන බලවේගයේ පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, අජිත් පි පෙරේරා, සුජීව සේනසිංහ, මුජිබර් රහුමාන් ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් රවී කරුණානායක, වජිර අබේවර්ධන යන මහත්වරුන් දුෂිතයන් මෙන්ම රාජපක්ෂවරුන් සමඟ ඩිල් දමන්නන් ලෙසට ප්‍රසිද්ධියේම චෝදනා කරයි.

මේ හැල හැප්පීම් මත දෙපාර්ශවයේම ප්‍රධාන ප්‍රතිවිරුද්ධවාදියා වන පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් විවේචනයන් කරන්නේ ඉතා සුළු වශයෙනි.

Rate this item
(0 votes)
Last modified on Friday, 10 July 2020 22:06