April 24, 2024

ලීසිං පනතට සංශෝධන - ත්‍රිපුද්ගල කමිටුව මහ බැංකු අධිපතිට නිර්දේශ කරයි

මූල්‍ය ව්‍යාපාර සහ ලිසිං සමාගම් කරමින් සිටින අවිධිමත් හා නීති විරෝධී  ක්‍රියා නිසා පැන නැගී ඇති ගැටලු නිරාකරණය කිරීමට දිගු කාලීන විසදුමක් වශයෙන් කල්බදු මූල්‍යකරණ පනත සංශෝධනය කළ යුතු බව එම ක්‍රියා සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුව මහ බැංකු අධිපතිවරයාට නිර්දේශ කර තිබේ.

එම වාර්තාව සැකසීම සඳහා ලීසිං සමාගම් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන්, මූල්‍ය අංශයේ සමාගම්වලින්, සිවිල් සංවිධානවලින් සහ මහජනතාවගෙන් ලැබුණු අදහස්, පැමිණිලි, යෝජනා 200කට අධික ප්‍රමාණයක් සලකා බලා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

නීති විරෝධීව කල්බදු මූල්‍යකරණ ක්ෂේත්‍ර යේ නිරත වෙන්නන් නිසා ඇති වී ඇති ගැටලු හා දැනට නියාමනයට ලක්ව සිටින මූල්‍ය හා ලීසිං සමාගම් කරන පිළිගත නොහැකි ක්‍රියාවන් නිසා ඇතිවී ඇති ගැටලු පිළිබඳව මූලික අවධානය යොමුකල යුතු බව එම වාර්තාවේ නිර්දේශ කර තිබේ.

 

Rate this item
(0 votes)