රේගුව බාරයට ගෙන රාජසන්තක කළ මෝටර් රථ ආරක්ෂක හමුදාව සහ රාජ්‍ය ආයතන වෙත මුදාහැරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
“2010 සැප්තැම්බර් 29 විශේෂ චක්‍රලේඛයකින් රේගුව භාරයේ තිබූ මෝටර් රථ රජයේ ආයතනවලට නිෂ්කාශනය කිරීම බැහැර කළා. ඊයේ ගත් කැබිනට් තීරණයෙන් පසු එම වාහන යුද හමුදාව හා රාජ්‍ය ආයතනවලට මුදාහැරීමට අනුමැතිය හිමි වුණා. නඩුවලට අදාළ වාහන අපහරණය කරන්නේ නැහැ“ යැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.