April 25, 2024

පොරොන්දුව 30% යි - ලැබුණේ 10% යි

පොදුජන පෙරමුණ හා සන්ධාන ගතව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙවර මහා මැතිවරණය සඳහා සමස්ත රටින්ම ලැබී ඇත්තේ අපේක්ෂ ධූර 26ක් බව අනාවරණය වේ.

ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා අත්සන් කළ ගිවිසුමට අනුව මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපේක්ෂ ධූරවලින් 30%ක් ලබා දීමට එකඟතාවය පළ කර තිබුණි.

එහෙත් ලැබී ඇත්තේ අපේක්ෂ ධූරවලින් 10%කටත් වඩා අඩු ප්‍රමාණයක් වන අතර ජනාධීපතිවරණයට ගැසූ ගිවිසුම් මහා මැතිවරණයට ආදළ නොවන බව පොදුජන පෙරමුණේ ප්‍රබලයින් ප්‍රසිද්ධීයේ ම ප්‍රකාශ කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 July 2020 22:50