April 18, 2024

මැතිවරණයෙන් පසු පොහොට්ටුවට යකඩ දොරක් අවශ්‍ය ලු

එළැඹෙන මහා මැතිවරණයේ දී සරල බහුතරයක් ලැබුණහොත් යළිත් සැලුන් දොර විවෘත වීමට ඉඩ ඇති නිසා යකඩ දොරක් දමා ගැනීම සඳහා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා දෙන ලෙසට වූ නව සටන් පාඨයක් කලඑළි බැස තිබේ.

සරල බහුතරය ලැබුණහොත් පොදුජන පෙරමුණ බලාපොරාත්තු වන 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නොහැකි වන බැවින් ඒ සඳහා අවශ්‍ය වන 2/3ක ලබා දෙන ලෙස පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අන් අපේක්ෂකයන් මැතිවරණ වේදිකාවේ සිට ඉල්ලීම් කරමින් සිටියි.

ඒ අනුව පාර්ලිමේන්තුව සඳහා මහජන ඡන්දයෙන් තෝරා ගන්නා මන්ත්‍රීවරුන් 196 දෙනා අතරින් 134ක්වත් පොදුජන පෙරමුණ ලබා ගත යුතු අතර ඉතිරි හිඟය පියවා ගැනීමට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූර 29යෙන් 16ක්වත් ලබා ගත යුතුව ඇත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 July 2020 22:47