March 29, 2024

ප්‍රසන්න රණතුංග සමත් 8 වසර විතරයි - නීති උපාධිධාරී දයාසිරි කියයි

ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදින ප්‍රසන්න රණතුංග මහතා කද බඩ පමණක් ඇති මොලයක් නැති 08 වසර පමණක් සමත් අයෙක් බවත් උගත් අයෙක් පාර්ලිමේන්තු යනවාට ඔහු කැමති නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ජයසේකර මහතා මෙම අදහස් පල කරන ලද්දේ කුරුණෑගල දී පැවති ජන හමුවක් අමතමිනි.

ඒ නිසා ඔවුන් කල්පනා කරන්නේ පාර්ලිමේන්තුවට අට පාස් අය ගෙන්වාගැනීමට යැයිද ඔහු පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට උගත් බුද්ධිමත් අපේක්ෂකයින් තරග වදින නිසා සාමාන්‍ය පෙළවත් සමත් නැති ප්‍රසන්න රණතුංග මහතාට එය අභියෝගයක් වී ඇති බවත් මෙම අඩුව වසා ගැනීමට වෙනත් අයට මඩ ගැසීම සිදු කරන බවත් මහ ලේකම්වරයා කියා සිටියේය.

Rate this item
(2 votes)
Last modified on Thursday, 09 July 2020 09:44