March 29, 2024

මහින්දගේ "සැලෝන් දොර" දැන් වහලා - බැසිල් Featured

2005, 2015 කාලය තුල පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ ඉතා ප්‍රකට කියමනක් වූ "සැලෝන් දොර" දැන් වසා තිබෙන බව බැසිල් රාජපක්ෂ මහතා අනාවරණය කරන ලදී.

ඒ ඊයේ (08) නෙලුම් මාවත පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමිනි.

"සැලෝන් දොර"  තවම ඇර තිබේද යන්න එහිදී මාධ්‍යවේදියෙකු බැසිල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලෙස ඔහු සඳහන් කළේ එය 2005, 2015 කාලයේ සිදු වුවක් බවත් "සැලෝන් දොර" දැන් වසා ඇති බවත්ය. 

2005,2015 අවධියේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ තිබු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ "සැලෝන් දොර" ඇර තිබෙන බවත් ඉන් ඕනෑම කෙනෙකුට ඇතුලට ඒමටත්, ඕනෑම කෙනෙකුට ඉන් පිටව යාමටත් හැකි බව‍ට මහින්ද රාජපක්ෂ මහතා නිරන්තරයෙන් කළ ප්‍රකාශය සමාජයේ දැඩි අවධානයට ලක් විය.

"සැලෝන් දොර" විවෘත කළ අවධියේ විපක්ෂයේ බොහෝ දෙනෙකු මේ හරහා ආණ්ඩුවට පැමිණි මුත් 2015 ජනවාරි  08 ජනාධිපතිවරණය ආසන්නයේ එම ආණ්ඩුවේ සිටි සැලකිය යුතු පිරිසක් සැලෝන් දොරෙන් පිටව ගිය බව ප්‍රකට කරුණකි.

Last modified on Thursday, 09 July 2020 12:47