April 20, 2024

"2011 ලෝක කුසලානය අපට දිනන්න තිබ්බා - වැරදි තීන්දු නිසයි පැරදුණේ" - මුරලිදරන් Featured

මතභේදයට තුඩු දී තිබෙන ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර 2011 පැවති ලෝක කුසලාන අවසාන මහා තරඟය ශ්‍රී ලංකාවට ජය ගත හැකිව තිබු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පෙන්වා දෙයි.

එම තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ වගකිව යුතු ක්‍රීඩකයන් මෙන්ම නිලධාරීන් ගත් තීන්දු මත එම තරගය පරාජය වූ බවද ඔහු අවධාරණය කරයි.

එම තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව ජය ගත් අතර ඉන්පසු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර නොදී පන්දු යැවීම තෝරා ගත්තේ නම් මෙම තරඟය ජය ගත හැකිව තිබු බව මුරලිදරන් මහතාගේ අදහස වී තිබේ.

රාත්‍රී කාලයේ පින්න වැටෙන බව දැන දැනත් මුලින් පන්දුවට පහර දීම ප්‍රශ්නයක් බව පෙන්වා දෙන ඔහු ඒ නිසා ලසිත් මාලිංග ඇතුළු පන්දු යවන්නන්ට පන්දු යැවීම ඉතා අසීරු වූ බව ඔහු පෙන්වා දෙයි.

එදා මුලින්ම පන්දුවට පහර දීමට තීන්දුව ගත් අය එය ඒ අවස්ථාවේදී ගත යුතු නිවැරදිම තීන්දුව බව විශ්වාස කරන්නට ඇති බව තමන් සිතන බවත් එදා අපට වාසනාව නොතිබුණු දිනයක් වෙන්නට ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මුරලිදරන් මහතා මෙම අදහස් පළ කර තිබුනේ 2019 නොවැම්බර් 25 වන දින papare.com සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

Rate this item
(3 votes)