April 23, 2024

පලෙයි පිපිරීමෙන් තුවාල ලැබු සැකකරු මියයයි

පලෙයි පොලිස් වසමේ සිදු වු පිපිරීමෙන් තුවාල ලැබු සැකකරු අද (08) අළුයම මියගොස් තිබේ.

පසුගිය ජූලි මස 3 වන දින පලෙයි පොලිස් වසමේ උර්නියන්පත්තු, අයියකච්චිය ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වු පිපිරීමෙන් බරපතළ තුවාල ලබා මෙම සැකකරු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්වු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 44 ක් වු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පිපිරීම සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ හා තවත් සැකකරුවන් දෙදෙනෙකු ද ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන පවත්වන බව ද පොලීසිය පවසයි.

පිපිරීම සිදුව ඇති නිවසේ තිබී මෙරට නිෂ්පාදිත බෝම්බ තුනක්, “කළු කොටි සැමරුම සිදුකරමු“ යනුවෙන් සඳහන් කොඩියක්, පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකුගේ ජායාරූපයක් අත්අඩංගුවට ගැනීමත් සමග මෙම පුද්ගලයා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් බවට සැක කෙරිණි.

Rate this item
(0 votes)