March 29, 2024

සජිත්ගේ කට නිසා අපි නහිනවා Featured

සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කට වසා සිටින තරමට සමඟි ජන බලවේගයේ ජන්ද පදනම වැඩි වන බව එම බලවේගයේ බොහෝ අපේක්ෂකයින්ගේ පොදු මතය වී තිබේ.

මෙම මතය එම අපේක්ෂකයන් ප්‍රසිද්ධියේ නොකිව්වද ඔවුනොවුන් මුණ ගැසුණු අවස්ථා වල ඒ පිළිබඳව කතා බස් කරන බව ප්‍රකට කරුණකි.

කොරෝනා වසංගතයෙන් විපතට පත් පවුලකට රුපියල් 20,000ක් ලබා දීම, පළාත් සභා වලට අසීමිත බලතල ලබා දීම මෙන්ම සුජීව සේනසිංහ මහතාට මනමාලියන් සෙවීම වැනි කතා සජිත් ප්‍රේමදාස මහතා කීම සමඟි ජන බලවේගයේ ජන්ද පදනමට දැඩි බලපෑමක් වන බව මෙම පිරිසගේ අදහසයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ද සජිත් ප්‍රේමදාස මහතාගේ මෙවැනි බොලද කතා ජන සමාජයේ හාස්‍යට මෙන්ම විරෝධයට භාජනය වූ අතර එය ඔහුගේ ජන්ද පදනමට ද බලපෑමක් විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සජිත් ප්‍රේමදාස මහතා කට අරින තරමට අපට වාසි බව පවසන්නේ ඒ නිසාය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 July 2020 21:42