March 29, 2024

කතෝලික දේවස්ථානයන්හි සැක කටයුතු අයුරින් සැරි සැරූ අයෙකු අත්අඩංගුවට

මන්නාරමේ සහ යාපනයේ පිහිටි කිතුණු දේවස්ථානයන්හි සැකකටයුතු අයුරින් සැරිසැරූ පුද්ගලයෙකු ඊයේ (06) දින යාපනයේදී අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

අදාල සැකකරු පළමුව මීට දින කිහිපයක පෙර මන්නාරම පේසාලෙයි වෙට්ට්‍රිමාතා දේවස්ථානයට පැමිණ සැකකටයුතු ස්ථාන කිහිපයක සැරිසරා ඇති බවට දේවස්ථානයේ සී.සී.ටී.වී දර්ශන වලින් නිරීක්ෂණය වී ඇති අතර පසුව ආරක්ෂකයින් විසින් එම පුද්ගලයා සෙවීමේදී අතුරුදහන්ව ඇත.

අනතුරුව ඊයේ දින යාපනය ශාන්ත අන්තෝනි දේවස්ථාන භූමියේද සැකකටයුතු අයුරින් සැරිසැරීම පිළිබඳව බැතිමතුනට සැක පහල වී අදාල පුද්ගලයා පිළිබඳව යාපනය පොලීසියට දැනුම් දීමෙන් පසුව යාපනය පොලීසිය අදාල ස්ථානයට පැමිණ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී මන්නාරම පේසාලේ දේවස්ථානයේදී සැරිසැරූ පුද්ගලයාම බවට තහවුරු කොට ගෙන ඇත.

කෙසේ වෙතත් අදාල සැකකරු කිතුනු දේවස්ථානයන්හි සැකකටයුතු අයුරින් සැරිසැරීම පිළිබඳව මේ වන විට පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

Rate this item
(2 votes)
Last modified on Friday, 30 October 2020 10:01