April 19, 2024

මෙහෙ වෙන සමහර දේවල් අපේ තාත්තා දන්නෙත් නෑ - යෝෂිත Featured

වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී අශෝක ප්‍රේමදාස මහතාට කුරුණෑගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණු ලයිස්තුවෙන් නාමයෝජනා නොදීම පිළිබඳව තම පියා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නොදන්නා බව යෝෂිත රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඔහු ඒ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ රැස්වීම් කිහිපයකට සහභාගී වූ අවස්ථාවේ දී ය.

මහජනතාවගේ ප්‍රශ්න පිළිබඳව සොයා බැලීමට තමන් පැමිණි බව යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ අතර එහිදී අශෝක ප්‍රේමදාස මහතාට සිදුවූ මෙම අසාධාරණය පිළිබඳ ප්‍රශ්නය එහි සිටි පිරිස් ඔහු වෙත යොමු කරන ලදී.

ඒ අවස්ථාවේදී අදහස් දක්වමින් අශෝක ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ තමන්ට මහමැතිවරණයට නාමයෝජනා දෙන බවට බැසිල් රාජපක්ෂ මහතා පොරොන්දු වූ බව ය.

කුරුණෑගල දිස්ත්‍රික් පොදුජන පොදුජන පෙරමුණ ලයිස්තුවට නායකත්වය දෙන්නේ ජෝන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 July 2020 11:43