April 20, 2024

මල් පාරට අමතරව කුරුණෑගලටත් අග්‍රාමාත්‍ය කාර්යාලයක් - පෞද්ගලික ප්‍රශ්නත් භාර ගනී

කුරුනෑගල දිස්ත්‍රික්කයේ අග්‍රාමාත්‍ය කාර්යාලයක් විවෘත කර තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  පුතු වන යෝෂිත රාජපක්ෂ මහතා ඊයේ (06) කුරුනෑගලදී ප්‍රකාශ කළේය.

කුරුණෑගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණු අපේක්ෂක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පැවති ජන හමුවකදී ඔහු මේ බැව් හෙළිදරව් කරන ලදී.

එම කාර්යාලය වෙත කුරුණෑගල දිස්ත්‍රික් ජනතාවට තමන්ගේ පොදු ප්‍රශ්න පමණක් නොව පෞද්ගලික ප්‍රශ්න ද ඉදිරිපත් කළ හැකි බව යෝෂිත රාජපක්ෂ මහතා ජනතාව වෙත දැනුම් දෙන ලදී.

දැනට තිබෙන එකම අග්‍රමාත්‍ය කාර්යාලය පිහිටුවා තිබෙන්නේ කොළඹ 07 මල් පාරේ පිහිටි ගොඩනැගිල්ලකය.

Rate this item
(0 votes)