March 29, 2024

නැගෙනහිර මහ ඇමතිකම දෙමළ ජාතිකයෙකුට දෙන්න අගමැති පොරොන්දු වුණා Featured

මහා මැතිවරණයෙන් පසු පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී නැගෙනහිර මහ ඇමති ධුරය දෙමල ජාතිකයෙකුට ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමාට පොරොන්දු වූ බව කරුණා අම්මාන් අනාවරණය කරයි.

නැගෙනහිරට අවශ්‍ය කුමක් දැයි අග්‍රාමාත්‍යවරයා තමන්ගෙන් විමසු බවත් තමන් එහිදී නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමති ධුරයට දෙමළ ජාතිකයෙකු පත් කරන ලෙස ඉල්ලා සිටි බවත් ඊට අග්‍රාමාත්‍යවරයා සිය කැමැත්ත පළ කළ බවද ඔහු ප්‍රකාශ කරයි.

අග්‍රාමාත්‍යවරයා කියන වචනය ඒ අයුරින්ම ඉටු කරන බවද ප්‍රකාශ කරන ඔහු මිට පෙරද මේ ආකාරයෙන්ම නැගෙනහිරට විය යුතු දේවල් ගැන තමන්ගෙන් විමසා ඇති බවද සඳහන් කරයි.

කරුණා අම්මාන් මෙවර මැතිවරණයේදී අම්පාර දිස්ත්‍රික්කයට දෙමල මහ සභාවෙන් තරඟ වදී.

Rate this item
(0 votes)