April 25, 2024

බොරු චෝදනා වලට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩකයින් නීති මඟට

2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය ශ්‍රී ලංකාව ඉන්දියාවට මුදලට පාවා දුන් බවට එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ සාවද්‍ය චෝදනා වලට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩකයින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වන බව ක්‍රික් ඉන්ෆෝ වාර්තා වල සඳහන් වේ.

ඒ සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින් විමර්ශන නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කිරීමට සුදානම් වන බවද එම වාර්තා වල සඳහන් වේ.

මහජනතාවගෙන් එල්ල වූ විරෝධතා මත 2011 ලෝක කුසලාන පාවා දීම පිළිබඳව විමර්ශනය කල ක්‍රීඩා දුෂණ විමර්ශනය කිරීමේ පොලිස් ඒකකය එම තරගයේදී එවැනි පාවා දීමක් සිදු වූ බවට තොරතුරු නැති බව දන්වමින් ඉකුත් 03 වැනිදා එහි විමර්ශන කටයුතු අවසන් කරන ලදී.

සාවද්‍ය චෝදනා එල්ල කිරීම නීති විරෝධීය.

Rate this item
(0 votes)