March 29, 2024

අපේක්ෂක ශාන්ත බණ්ඩාරගෙන් පාස්කු බෝම්බකරුට තඹ ටොන් 500ක්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මරාගෙන මැරුණු සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාවට තඹ ටොන් පන්සියයක් ලබා දෙන ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලයට ලිපියකින් දැනුම්දී ඇත්තේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශාන්ත බණ්ඩාර මහතා විසින් බවට සාක්ෂි අනාවරණය වී තිබේ.

ඒ පාස්කු ප්‍රහාරය පිලිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේදීය.

ඒ දැනට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කරන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් කේ.ඩී රංජිත් අශෝක මහතා සාක්ෂි දුන් අවස්ථාවේ දී ය.

පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බය පුපුරවා ගත් එම්.අයි ඉන්ෂාෆ් අහමඩ්ට අයත් වැල්ලම්පිටියේ පිහිටි කොලෝසස් නම් තඹ කර්මාන්ත ශාලාවට කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් අබලි ලෝහ නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව ද ඔහු කීය.

එහි වාර්තාව 2019.5.6 වන දා ලැබී තිබේ.

එමගින් අනාවරණය වී ඇත්තේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති මහින්ද ජිනසේන මහතා විසින් කොලෝසස් සමාගමට අබලි ලෝහ වැඩි වශයෙන් නිකුත් කිරීමට උපදෙස් ලබා දී තිබූ බව සාක්ෂිකරු කොමිසම හමුවේ කීය.

එමෙන්ම බෝම්බකරුට අයත් කොලෝසස් සමාගමෙහි විදේශ ජාතිකයන් විසිපස් දෙනෙකු ද සේවය කර ඇත .

ඒ අය අතර නේපාල ජාතිකයෙක් බංගලාදේශ විදේශීය ජාතිකයන් 25 දෙනෙකු ද සේවය කර ඇත.

ඒ අතර නේපාල ජාතිකයෙක්, බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙක් වූ අතර සෙසු පිරිස ඉන්දීය ජාතිකයන් ය.

එවක කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඉන්සාෆ් අහමඩ් සමග සම්බන්ධකමක් පැවතියේද යන්න විමසූ විට සාක්ෂිකරු කීවේ ඉන්ෂාෆ් අහමඩ්ගේ ගණකාධිකාරුවෙකු නිතර අමාත්‍යාංශයට පැමිණ ගියත් ඉන්ශාෆ් හා අමාත්‍යවරයා අතර සම්බන්ධයක් තිබුණේ දැයි තමන් නොදන්නා බව ය.

කෙසේ වෙතත් ඉන්ශාෆ් අහමඩ් හොඳම ව්‍යවසායකයා ලෙස අවස්ථාවකදී සම්මානයට පාත්‍ර වී සිටි අයුරු තමන් පසුව පුවත්පතකින් දුටු බව ද ඔහු පැවසීය.

ඔහු විසින් සහන මිලට අබලි ද්‍රව්‍ය ලබා ගැනීමට කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත අවස්ථා කිහිපයක දී ඉල්ලුම් කර ඇත.

ඉන් විශේෂ අවස්ථා දෙකක් තමන් හඳුනා ගත් බව පැවසූ සාක්ෂිකරු සඳහන් කළේ එක් අවස්ථාවකදී කොලෝසස් සමාගමට තඹ ටොන් පන්සියක් ලබා දෙන ලබාදෙන ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශාන්ත බණ්ඩාර මහතා කාර්මික සංවර්ධන මණ්ඩලය ලිපියකින් දැනුම්දී තිබු බවයි.

තවත් අවස්ථාවක ආරක්ෂක අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම්වරියක වූ දේවිකා ලියනගේ මහත්මිය විසින් ද කොලෝසස් සමාගම වෙත පිත්තල කිලෝග්‍රෑම් 1000ක් ලබා දෙන ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලයට ලිපියකින් දැනුම්දී තිබූ බවද සාක්ෂිකරු අනාවරණය කළේය.

යම් අවස්ථාවක කොලෝසස් ආයතනය විසින් කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් මිලදී ගත් අබලි ලෝහ විදෙස් රටවල් සඳහා අපනයනය කර ඇති බව හෙළි වූයේ දැයි කොමිසම මෙහිදී විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ එලෙස අපනයනය කර ඇති බවත් ඒ හරහා මෙරටට විදේශ විනිමය උත්පාදනය කර ඇති බවත් ය .

කොමිසම එහිදී පෙරළා ප්‍රශ්න කළේ විදේශ විනිමය ලෙස මෙරටට ගෙන්වූ බවට ඔබ සඳහන් කරන මුදල් ඔවුන් විසින් අන්තවාදී කටයුතුවලට යොදා ඇති බව ඔබ නොදන්නේද යන්නයි.තමන් ඒ ගැන දන්නා බව සාක්ෂිකරු එහිදී කීය.

කොලෝසස් ආයතනයට අදාළ ද්‍රව්‍ය අපනයනය කිරීමට අවස්ථාව හිමි වූයේ එවක අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ රිෂාඩ් බදියුදීන් හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් විසින් අත්සන් යොදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ පත්‍රිකාවක් මඟින් බව ද ඔහු මෙහිදී හෙළි කළේය.

මේ අතර සිනමන් ග්‍රැන්ඩ් ලංකා පිල බෝම්බකරුවන් ඉන්ෂාෆ් අහමගංගා පිට බෝම්බකරුවන් ඉන්ෂාෆ් අහමඩ් ඉතින් පාස්කු ප්‍රහාරයට පෙර 2019ජනවාරි මතුපිට අප්‍රේල් 18 දක්වා සිය බැංකු ගිණුමෙන් මිලියන 4.5 ක මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇති බවද ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය විය.

එමෙන්ම ඔහුට හිමි කොලෝසස් නම් තඹ කර්මාන්ත ශාලාවෙන් 2012 සිට 2019 දක්වා තඹ කන්ටේනර් 370 ක් විදේශයන්ට අපනයනය කර ඇති බවද කොලෝසස් සමාගමේ කළමනාකාර සනුන් මොහොමඩ් විසින් සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කරනු ලැබීය.

සමාගමේ කළමනාකාර සනුන් මොහොමඩ් විසින් බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ තමන් ඉශානා එක්ස්පෝර්ට්හි කළමනාකාරවරයා ලෙස හා කොලෝසස් සමාගමේ කළමනාකාරවරයා ලෙස කටයුතු කළ බවයි. කොලෝසස් සමාගමේ හිමිකරු ලෙස ඉන්ෂාෆ් අහමඩ් කටයුතු කළත් 2019 වසරේ අප්‍රේල් මස මුල් කාලයේ කොලෝසස් සමාගමේ හිමිකාරීත්වය මොහොමඩ් යූසුෆ් ඊබ්‍රහිම් වෙත සහ මොහොමඩ් ශිෆ්කා වෙත පැවරීමක් සිදු කළ බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 06 July 2020 12:39