April 20, 2024

පක්ෂග්‍රාහී පොලිස් නිලධාරීන් සොයා රහසිගත මෙහෙයුමක්

මෙවර මහ මැතිවරණයේදී දේශපාලන පක්ෂවලට පක්ෂග්‍රාහි ලෙස උදව් උපකාර කරන පොලිස් නිලධාරීන් ගැන රහසිගතව සොයා බැලීමට වැඩබලන ​පොලිස්පතිවරයා නියෝග කර ඇතැයි ආරංචි මාර්ග පැවසීය.

දේශපාලන පක්ෂ හා දේශපාලන අපේක්ෂකයන්ට පක්ෂග්‍රාහීව කටයුතු කිරීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානය මීට පෙර දැනුම් දී තිබිණි.

එම නියෝග නොතකා ක්‍රියාත්මක වන නිලධාරීන් සම්බන්ධව සොයා බැලීමටත්, එම නිලධාරීන්ට එරෙහිව විමර්ශන කිරීමටත් ඉදිරියේදී කටයුතු කරන බව එම ආරංචි මාර්ග පැවසීය.

පොලිස් නිලධාරීන් පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට දේශපාලනඥයන්ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි මෙන්ම පොලිස් ස්ථානාධිපතිවරුන් මාරුකරන ලෙසට බලපෑම් එල්ලවන බවද වාර්තා වේ.

Rate this item
(0 votes)